Sunday, May 18, 2014

ක්ලාරා....

ක්ලාරා....
මොහොතකට පැමිණිය හැකිද
මායාවාස අතහැර
නිතර රෑ මැදියම අැහැරගෙන
විඳවන්න වන ඒ් වියළි සිහිනයක
හේතු ගැන
ඉඟියක් හෝ දෙකක්
කල් තියා කියා දෙන්නට...

ඒ් ගුප්ත බලයෙන්
කනප්පුව මත ලුනු කුප්පි
සොලවන්න හැකි නම් ඔබට,
ඔහු නිතර හැඬවූ
දැන් නිහඬ
දුරකථන හඬවන්න හැකිද මඳකට
මා පෙළන මේ
උමතු අාවේශය බිඳ දමන්නට....

රැකගත නොහැකි වුනි මට
මේ දුබල හදවත
අහබු  ලෙස
එක් මහා දහවලක

විල්ලුද තිරය පසුපස
සකසුරුවමට තැබූ
පළිගු බෝලය මත
විජ්ජා බලය දිගහැර
අල්මාරිය යටට පෙරළි ගියෙද
බරබාස්ගේ* දෙපයට යටවිනිද
මුලුතැන්ගෙය කුඩා වංගෙඩියට මුවා වී ගෙනද

අනාවැකියක් කියනු මැන
සොයා ගත හැකි ලෙස
මේ වරදෙන් මා මුදවාලීමට

අවසන,
රෝසාට* මෙන්
මෙය අත්වැරද්දකින් වූ එකක්ම බව
පවසනු හැකිද සියල්ලන් වෙත
හමුවී පෙර තිබූ තැනම
ඒ් හදවත තැබූ විගසම....


*බරබාස් - ක්ලාරාගේ සුරතල් බල්ලා.
* රෝසා - අත්වැරද්දකින් මිය ගිය ක්ලාරාගේ සොයුරිය

Saturday, May 17, 2014

නිම වුවත්
ඒ නිවාඩුව සතුටක්..!